Labels

Friday, June 4, 2010

පිටකො‍ටුවෙන් පළා යාම



ජීවන අත්දැකීම් කොයිකාටත් එකසේ වැදගත්ය.වැඩිහිටියන් අපට උපදෙස් ලබාදීමේදී අප ඒවා ඉවත දමන්නේ තේරුමක් නොමැති ඒවා ලෙසය.එහෙත් අප වැඩිහිටියන් වූ පසු ඒවයේ වටිනාකම මනාව වැටහේ.
"පරාජය යනු ඊළග ජයග්‍රහණයට අත්දැකීමක් වේ."

nokia 6500 ජංගම දුරකථනයක් භාවිතා කරන මට ඒ සදහා batteryක් මිලදී ගැනීමට අවශ්‍ය විය.මම දෙහිවල shop එකකට ගිය විට ඔවුන් පැවසුවේ "මල්ලි nokia arcade එකට ගිහින් ඔරිජිනල් එකක් ගන්නා ලෙසය." බම්බලපිටියේ arcade එකට ගිය විට මට දෙලෝ රත්විය.එහි මිල Rs 5500විය.කැෂියර් එකේ සිටි අයියා පැත්තකට ඇවිත් මට පැවසුවේ යහලුවෙකු dubai වලින් ගෙනෙන ලද ඔරිජිනල් එකක් Rs 3800 ලබා දිය හැකි බවයි.මම එතැනින් පළා ගියෙමි.
කොයි කවුරුත් වාගේ මමත් පිටකො‍ටුවට සේන්දු විය.එක තැනකින් මට පැවසුවේ Rs 250,Rs 650 battery වර්ග 2ක් තිබෙන බවය.හොද එක RS 650 බව කියූ නිසා මමත් 650 එක ඉල්ලුවෙමි.කෝකටත් කියා මම 250 එකත් ඉල්ලුවෙමි. එවිට ඔවුන් නිරුත්තර විය.අවසානයේ මට සිද්ධිය පැහැදිලි විය.ඔවුන් සතුව ඇත්තේ Rs 250 එක පමණි. 250,650 2ක් ඇතිබව කියූ විට කවුරුත් පාහේ 250හේ එක 650 දී මිලදී ගනියි.මම එතැනිනුත් පළා ගියෙමි.
තව තැනකට ගොඩ වූ මට ඔහු පැවසුවේ උඩුමහලේ stores වලින් ‍රැගෙන එන්නම් කියාය.මම ඔහු පසු පස හඹා ගියෙමි.වෙනත් කඩයකින් එය ලබාගත් ඔහු එය මට Rs 400 කට අලෙවි කිරීමට සූදානම් විය.මම එතැනිනුත් පළා ගියෙමි.
අවසානයේ මම වෙනත් තැනකින් Rs 280ක් දී මිලදී ගත්තෙමි.අවුලක් නැත batteryය වැඩය.බෝඩිමට ඇවිදින් charge වෙන්න ගැසුවෙමි. අනේ අපොයි........ No Charging

ප.ලි. පිටකො‍ටුවේ ගිහින් phone accessories ගන්න අය යන්න ඕන හොදම තැන මම දන්න විදියට මෙන්න මෙතනයි.
Trans Asia Electronics
61 1st cross street,
Colombo 11
011-2473320

2 comments:

Thameera said...

මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

Unknown said...

Pollac thamai onema deyak tiyenne