Labels

Monday, July 6, 2015

Anjouan - Pearl of the Comoros



Anjouan කියන්නේ Union of Comoros කියන රටට අයිති තවත් දූපතකි. මීට වසර මිලියන 7-8කට පෙර ගිණිකදු හේතුවෙන් මුහුදෙන් මතු වූ ගොඩබිමකි. වර්ග කිලෝමීටර් 424කට හිමිකම් කියන මේ දූපතේ ලක්ෂ 3ක පමණ ජනගහනයක් ජීවත්වේ. ක්‍රි.ව. 1500දී පමණ සොයාගන්නා ලද මේ බිම මුල් කාලයේ වහල්ලු රදවා තැබීමට යොදා ගන්නා ලදි. 1997දී ස්වාධීන පාලනයක් පිහි‍ටුවා ගත් මේ දූපත, 2012 දී යළි Union of Comoros වෙත එක් වුනා. 2006-2011 කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ Ahmed Abdallah Sambi මහතා විසින් මෙම දූපත නඟා සි‍ටුවීමට විශාල මෙහෙවරක් සිදු කරන ලදි. Domoni නගරය කලකට ඉහතදී ප්‍රධාන නගරය වූ අතර දැන් ප්‍රධාන නගරය Mutsamudu නගරය වේ. Ouani නගරයේ ගුවන් තො‍ටුපලද Mutsamudu නගරයේ වරායද පිහිටා ඇති අතර මේ දූපතට ප්‍රංශ ආභාශයට අමතරව ජපන් ආභාශයද ලැබී ඇති බව නොමනාව පැහැදිලි වේ. Union of Comorosහි අනිත් දූපත් වලට වඩා මනා සැලසුමකින් ප්‍රධාන නගරය ඉදි කර ඇත.

Mutsamudu නගරයේ ප්‍රධාන වීදිය

Mutsamudu මුහුදු තීරය

කැළි කසල වලින් අපවිත්‍ර වූ මුහුදු තීරය

වරායේ එක් අන්තයක්

මගී නෞකාවන් නවතා ඇති වරාය පර්යන්තය

Mutsamudu නගරයේ වීදියක්

රට මැද පිහිටා ඇති Dindi නගරය Mutasamudu - Bambao මාර්ගයට දිස් වෙන ආකාරය

රටේ විශාලම ගංගාව වන Tatinga ගඟ

රටේ විශාලතම ගොඩනැගිල්ල වන හිටපු ජනාධිපති Ahmed Abdallah Abderemane මහතාගේ මන්දිරය

ලී කැටයම් සහිත ප්‍රධාන දොර

Comorosහි පිහිටි මනරම්ම වෙරළ තීරය - Moya

Comorosහි පිහිටි මනරම්ම වෙරළ තීරය - Moya

Comorosහි පිහිටි මනරම්ම වෙරළ තීරය - Moya

Moya හා Pomoni අතර මුහුදු තීරය

Moya Tunnel

Ylang-Ylang කියන්නේ perfume වලට යොදාගන්නා සුවද කාරකයක්
එම ශාකයේ පත්‍ර වලින් තෙල් distillation කරන ආකාරය

Lingoni Waterfall

නටඹුන් වූ Ylang -Ylang කර්මාන්තශාලාවක්

නටඹුන් වූ Ylang -Ylang කර්මාන්තශාලාවක්

Pomoni විල්ලුව

Tatinga ගඟ

Tatinga ගඟේ වැළි ගොඩ දාන පිරිසක්

Tatinga ගඟේ තවත් දිය ඇල්ලක්

Tatinga ගඟ මුහුදට වැටෙන ස්ථානය

Tatinga Hydro-power station

Tatinga ගඟේ තවත් දිය ඇල්ලක්

පාරම්පරික මැටි නිවසක් - Harembo

Madargascar මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාව පිණිස 1860දී ගොඩනැංවූ Mutsamudu බලකො‍ටුව

Dzialandee ජලාශය

Dzialandee ජලාශය

Dzialaoutsounga ජලාශය

කඳුකරයේ වගාවන්

Jimilime කඳුවැටිය Pajeට දර්ශනය වන ආකාරය

Ouani Airport