Labels

Sunday, June 19, 2011

නන්පේරියල් හරහා බෙලිහුල්ඔයෙන් ලෝකාන්තයට

මට මතක හැටියට 2003 අවුරුද්දේ තමයි මට මේ ගමන ගැන මුලින්ම අහන්නට ලැබුනේ ඒත් ඒක ඉ‍ටු කරගන්න 2011 වෙනකම් ඉන්න සිදු වුනා. ඒකට හේතුව වුනේ හෝර්ටන් තැන්නට මෙම මාර්ගයෙන් ඇතුල්වීම 2006න් පසු තහනම් කිරීමත්, http://www.lakdasun.org/trails/trail-02-world-end-horton-from-belihuloya.htm එකේ මෙම ගමන Tough ගමනක් ලෙස දක්වා තිබීමත් නිසාය. ඔය අතරේ තමයි මගෙ යහලුවන් set එකක් ඔය පැත්තේ දින 3ක් සංචාරය කලේ ඔවුන්ගේ කාලසටහනේ දෙවැනි දිනය වෙන් කරලා තිබුනේ නන්පේරියල් මාර්ගයෙන් ලෝකාන්තය තරණය කිරීමටයි. ඒත් මගේ කාලසටහනේ එම ගමනට වෙන් කල හැකිව තිබුනේ එක දිනයක් පමනයි. 2011-05-28 වෙනිදා උදේ 2.15 පමන කොට්ටාවෙන් මම ගමන් ඇරඹුවා. මගේ අරමුණ වුනේ සබරගමුව campus එක ලගින්(පඹහින්නෙන්) උදේ 6ට ඉහල ගලගම දක්වා පිටත්වෙන bus එකට පැමිනීමයි. අපරාදේ කියන්න බෑ නියම යාලුවෝ ටික මටත් එක්ක කෑමත් අරගෙන වෙලාවට ඇවිල්ලා තිබුනා. ඒත් නන්පේරියල් මාර්ගයේ කැඩිච්ච පාලමක් තියෙන නිසා bus එක තිබුනේ නෑ. මොනවා කරන්නද අපි දෙපා වලට දිරි දීලා උදේ 6.10ට නන්පේරියල් හන්දියෙන් පිටත් වුනා.
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
19දෙනෙක් ගමනට සහභාගී වුන නිසා අපට ලොකු වෙහෙසක් දැනුනේ නැති අතර, අතරමගදී පෙනෙන බෙලිහුල් ඔය නිම්නයේ සිට සමනල වැව හරහා සිතිජ ඉම අපගේ නෙත් සිත් පැහැර ගත්තේය.
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
උදේ 8.30ට පමන නන්පේරියල් තේ factory එකට ලගා වූ අප උදෑසන අහාරය ලබා ගත්තේය. අතරමග විශාල කාලයක් ගතකල අප Nagrak Division එකට යනවිට දහවල් 12 පමන විය. මෙතැන් සිට 3.2km දුරකින් ලෝකාන්තයද, 1km දුරකින් Holiday Bungalow එකද පිහිටා තිබේ. බෙලිහුල් ඔය නගරයේ සිට පයිනස් කැලයක් හරහා පැමිනීමෙන්ද මෙතනට ලගා විය හැක.
Image and video hosting by TinyPic

අප දහවල් 12.30 ට පමන bungalow එක අසලට පැමින දිවා ආහාරය ලබා ගත්තෙමු. මෙතැනින් ඉදිරියට ඇත්තේ හෝර්ටන් තැන්න ස්වාභාවික රක්ෂිතයයි.
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic
අප මෙතෙක් පැමිනි ගමන 4WD වාහනයකින් නම් පහසුවෙන් ලගා විය. හැකිය. දවල් 1ට පමන ගමන් ඇරඹූ අප වනගත අඩි පාරක තැනිතලා බිමක් ඔස්සේ ඉදිරියට ඇදුනෙමු. පැයකින් පමන අප එක් කන්දකින් තවත් කන්දකට මාරු වෙන ආකාරය කුඩා නිම්නයෙන් තහවුරු විය. සවස 2.30 පමන අප ලෝකාන්තයට පැමිනියෙමු. ආසන්න ස්ථානයක අපගේ ගමන් මලු සගවා තැබුවේ Guideලාගේ ඇස නොගැටෙන පරිදිය. ඒ අප නීත්යානනුකූල නොවන මාර්ගයකින් පැමිනීම නිසාවෙනි. ලෝකාන්තය මුදුනට අප ආ මාර්ගය ගැන මනා වැටහීමක් ලබා ගත හැකි විය.
Image and video hosting by TinyPic
සවස 3ට පමන ආපසු බලා ගමත් ගත් අපට ගමන් මග වැරදිනි. විනාඩි 30ක් පමන කාලයක් වැය කර නිවැරදි මග සොයා ගැනීමට 19 දෙනෙක් සිටීම මනා පි‍ටුවහලක් විය. වනයෙන් එලියට පැමිනෙන විට පස්වරු 5 පමන විය. 2-3න් දෙනෙකුගේ පාද වල ඇතිවූ ආබාධ නිසා නන්පේරියල් තේ factory එකට ලගා වන විට රෑ 8ට පමන විය. ඉන් පසු විශාල කාලයක් truck රථයක් පැමිනෙන තුරු සිටි අප හල්දුම්මුල්ලේ නවාතැනට යනවිට රෑ 12 විය. ඉන් පසු රෑ ආහාරය ලබාගත් මම උදෑසන 2ට පමන බදුලු-කොළඹ බස් රථයකට ගොඩ වූ අතර උදේ 6.30 පමන campus එකට සේන්දු විය.

විශේෂ ස්තුතිය : අවුරුදු 9ක බලාපොරොත්තුව ඉ‍ටුකර ගැනීමට, ගමනට ආරාධනා කල ලිලන්ත රංගන සොයුරා ඇතුඵ පිරිසට
Image and video hosting by TinyPic

2 comments:

kdilhara said...

elakiri guliyaa....para weraduna welawe nam maget bokka cool una........dan nam mathak wenakota hitenawa eka nam sirama gamanak kiyala...:)

ruwan said...

අපේ පරිසරය ගැන කියනවට ස්තුති http://haraspara.blogspot.com