උඩ ලක්ෂපාන කදුවැටිය කිව්වට ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා වුනත් සප්ත කන්‍යා කදුවැටිය නම් අහලා ඇති ඒත් ඒකත් ප්‍රසිද්ධ වුනේ 1974 අවුරුද්දේ දෙසැම්බර් 04 වෙනිදා මක්කම බලා ගිය plane එකක් මේ කන්දේ හැපුන නිසයි. DC 8 වර්ගයේ ගුවන් යානයක් කාර්ය මණ්ඩලය 9 දෙනෙකුයි මගීන් 182 දෙදෙනෙකුයි එක්ක ගමන් කරද්දී මුහුදු මට්ටමේ ඉදන් අඩි 4355 උසකදී උතුරු අක්ෂාංශ 6 53' 32.22'' හා නැගෙනහිර දේශාංෂ 80 29' 25.30'' තැනකදි තමයි හැපිලා තියෙන්නේ ඒත් මේ සිදුවීමෙන් කාටවත් ජීවිතය බේරගන්න බැරි වුනා. ඔයගොල්ලන්ටත් හැටන් පාරේ සිරිපාදේ යනකොට මේ කදුවැටිය බලාගන්න පුලුවන්.
හැමදාම වගේ අපේ ගවේෂණ කන්ඩායම සප්ත කන්‍යා කදු තරණයටත් සැලසුම් සකස් කළෙමු. ඒ සදහා 2011 ජූලි 5/6/7 දවස් 3න තෝරා ගනු ලැබුවා. වෙනදා මෙන් අපි ගමන් ආරම්භ කලේ රෑ 12ට නුවරළිය බලා දිවෙන CTB බස් රථයෙනි. අවිස්සාවේල්ල, කිතුල්ගල, පසුකර කලුගලට යනවිට උදේ 3න පමණ විය, පෙරවරු 6ට බස් රථය එනතුරු බස් නැවතුම අපේ නිදන කුටිය බවට පත් විය. උදේ 6.30 පමණ පැමිණි බස් රථයකින් අප හංගාරපිටියට පැමින van රථයකින් සප්ත කන්‍යා කදුවැටිය ආසන්නයේ වූ කොත්තැල්ලෙන ගමට පැමිනියෙමු.
සප්ත කන්‍යා කදුවැටියේ විශේෂත්වය වන්නේ එයට ඇතුලු වීමට හෝ පිටවීමට හැකිවන්නේ සීමිත පෙදෙසකින් පමනකි. අනෙක් ස්ථාන වල ඇත්තේ දරුණු බෑවුම්ය. අප උදෑසන ආහාර ලබාගෙන 9.30ට පමන ගුවන් යානය හැපුනු තුන්වන කන්දට නැගීමට පටන් ගත්තෙමු. මාර්ගපදේශකයෙක් නොමැතිව අසා දැනගත් පරිදි නැගීම ආරම්භ කලද ආරම්භයේ සිට අපට මග වැරදිනි. ඉතා දරුණු බෑවුම් වලින් කදු පන්තියට නැග ගත්තද තෙවැනි කන්ද මත පිහිටි දොල පහර අසල ගල්තලාව සොයා ගැනීමට අපට නොහැකි විය. ඉන් පසු අඩි පාර මග හැරී බට ගස් යායකට සේන්දු විය. අලියා ගිය මගෙහි යෑම හැරෙන්නට වෙන දෙයක් කිරීමට අපට නොහැකි විය.
යන අතරමග එළි කරන ලද කුඩා භූමියක් හමුවුවද ජලය නොමැති එහි පොලොවෙහි ගල් හේතුවෙන් tent එක ගැසීමට සුදුසු පරිසරයක් නොතිබිනි. දිගටම ගමන් කල අපට සවස 4.30ට පමන දරුණු බෑවුමක පිහිටි දිය පහරක් දිස් විය. කොතෙකුත් උත්සාහ කලද දිය පහරට බැසීමේ අපේ උත්සාහය ව්‍යර්ථ විය. ඉන් පසු ආපසු හැරී මගදී හමුවුනු එලිකල කුඩා භූමිය වෙත ලගා වූයේ කිහිපවිටක් පාර වරදාගෙන ගස් වල අප සලකුනු කල සලකුනු වල පිහිටෙන් අදුරත් වැස්සත් සමගය. එතැන අපහසුවෙන් tent එක අටවාගෙන කුසගින්න නිවාගත්තේ බිස්කට් ආහාරයට ගැනීමෙනි. tent එක ඇතුලේද කූඩැල්ලන්ගේ කරදරය නිමක් නොවිනි. කෙසේ හෝ ගල් මුල් මත අප නිදාගත්තා නොවේ. එසේ ඒ දීර්ඝ රැය ගෙවා දැම්මේ තෙත ඇදුම් ඇගලා ගනිමින්ය.
සැබවින්ම සප්ත කන්‍යා යනු කන්‍යා භූමියක්ය. එහි ප්‍රාථමික වනාන්තර භාවය මනාව රැදී තිබුනි. ඊලග දිනයේ අපේ අරමුණ වූයේ බිස්කට් එකකින් කුස පුරවාගෙන ආ මග සොයාගෙන වනාන්තරයෙන් එලියට පැමිනීමයි. මගදී ඇසුනු බට ගස් පොඩි කරන හඩකින් අපි තැතිගත්තෙමු. ආරක්ෂාවට ගෙනගිය රතිඤ්ඤා වල පිහිට බලාපොරොත්තුවෙන් පැය බාගයක් පමන එතැන රැදී සිට අලියා මග හැර අප ඉදිරියට ගියෙමු. ආ මගක සලකුනක්වත් නැත. අවසානයේ ගස් පීරමින් අප පැමින ඇත්තේ විශාල ගලක බෑවුමකටය. වටපිටාව බලාගෙන මග සලකුනක් දැක ගැනීමට මීදුම බාධා විය. හදිසියේ සිහි වූ මාලිමාව ගෙන බැලූ විට අප ගමන් කර ඇත්තේ යායුතු මගට විරුද්ධවය. අපහසුවෙන් ඒ බෑවුමද බැස ගත් අප මාලිමාවේ දිශාව ඔස්සේ ගමන් කලද එයත් ඉතා අපහසු මගක් විය. ඉන් පසු අප දොළ පහරකට බැස ඒ දිගේ පල්ලම් බැස්සෙමු. එම දොළ පහර ටිකෙන් ටික තවත් දොළ පහරවල් වලට එක් වී විශාල වන්නට විය. දොළ පහරේ සමහර ස්ථාන වල කුඩා දිය ඇලි අප පසු කලේ වනාන්තරය හරහා ගමන් කිරීමෙනි.
කෙසේ හෝ සවස 4ට පමන අප ලගා වූයේ විශාල දිය ඇල්ලක මුදුනටය. දෙපස පිහිටි දළ බෑවුම අපට එය මග හැර යාමට නොහැකි වන සේ පිහිටා තිබුනි. එදින එතැන ගත කිරීමට අප තීරණය කලේ බඩගින්න හා වෙන කල හැකි දෙයක් නොමැති නිසාය. කන්දක පිහිටි ගසකට නැග ගත් විට අපට ඉතා දුරින් ටකරන් වහලක් දැක ගත හැකි විය. මීදුම ඒ දර්ශනයටත් හරස් විය. දොළ පහර මත අයිනේ tent එක ගැසූ අප නූඩ්ලස් වේලක රස බැලුවෙමු. අපගේ සියලු අවශ්‍යතා tent එක තුලදී කරගත හැකි වූයේ දිය පහරක් tent එක යටින්ද ගලා ගිය බැවිනි. කුඩා ගල් තලය මත අප නිදාගත්තේ shift එකටය. ඒ රැයද ඉතා දිගු රැයක් විය.
ඊලග දිනයේ අප බතක් උයා ගත්තේ ඉතා අමාරුවෙනි. අමු ලූනු කැරට් මිශ්‍රණය එවෙලේ අපට දිව්‍ය භෝජනයක් විය. උදේ 8.30ට පමන ගමන් ආරම්භ කල අප දිය ඇල්ල මග හැරියේ පෙර පරිදිම බට යායක් පීරිමෙනි. ආපසු දිය ඇල්ල මග හැර දොළ පහර වෙත අප එන විට දහවල් 12 පමන විය. දැන් දොළ පහර ඉතා විශාලය. දොළ පහරට සමාන්තරව අප වනාන්තරයෙන් ගමන් ගත්තෙමු. 1:50000 සිතියම අනුව අප සිටින දොල පහර ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි විය. මෑතකදී ලේ දන් දීමෙන් හා කූඩැල්ලන්ගේ ලේ උරා බීම නිසා ක්ලාන්ත ගතියක් මට දැනුනද අන් සගයන්ට නොකීමට මම වග බලා ගත්තෙමු. කෙසේ හෝ ඉතා දුෂ්කර ගමනකින් පසුව සවස 3ට පමන ගගේ එහා ඉවුරේ එලිකල පෙදෙසක් දැකගත හැකි විය. අපගේ මුහුනු ප්‍රීතියෙන් පිනා ගියේ තේ වත්තක් දැකීම හේතුවෙනි. අප පැමින ඇත්තේ මන්දාරම් ඔය ඔස්සේ බඹරගල ගමට බව දැන ගත් අප ඉන් පසු උඩ මාලිබොඩින්, මාලිබොඩට පැමින දැරණියගල අවිස්සාවේල්ල හරහා කටුබැද්දට සේන්දු විය. එසේ අප ගමන නිමා කලේ තවත් මෙවැනි අවධානම් ගමන් නොයන බව සිතා ගනිමින්ය.
අපට ලබා ගත හැකි වුනේ සීමිත ජායාරූප සංඛ්‍යාවක් පමනි.
විශේෂ ස්තුතිය: යන මග කියා දුන් අමිල සංකේත ගමගේට සහ Lakdasun forum
Tuesday, July 12, 2011
Sunday, June 19, 2011
නන්පේරියල් හරහා බෙලිහුල්ඔයෙන් ලෝකාන්තයට
මට මතක හැටියට 2003 අවුරුද්දේ තමයි මට මේ ගමන ගැන මුලින්ම අහන්නට ලැබුනේ ඒත් ඒක ඉටු කරගන්න 2011 වෙනකම් ඉන්න සිදු වුනා. ඒකට හේතුව වුනේ හෝර්ටන් තැන්නට මෙම මාර්ගයෙන් ඇතුල්වීම 2006න් පසු තහනම් කිරීමත්, http://www.lakdasun.org/trails/trail-02-world-end-horton-from-belihuloya.htm එකේ මෙම ගමන Tough ගමනක් ලෙස දක්වා තිබීමත් නිසාය. ඔය අතරේ තමයි මගෙ යහලුවන් set එකක් ඔය පැත්තේ දින 3ක් සංචාරය කලේ ඔවුන්ගේ කාලසටහනේ දෙවැනි දිනය වෙන් කරලා තිබුනේ නන්පේරියල් මාර්ගයෙන් ලෝකාන්තය තරණය කිරීමටයි. ඒත් මගේ කාලසටහනේ එම ගමනට වෙන් කල හැකිව තිබුනේ එක දිනයක් පමනයි. 2011-05-28 වෙනිදා උදේ 2.15 පමන කොට්ටාවෙන් මම ගමන් ඇරඹුවා. මගේ අරමුණ වුනේ සබරගමුව campus එක ලගින්(පඹහින්නෙන්) උදේ 6ට ඉහල ගලගම දක්වා පිටත්වෙන bus එකට පැමිනීමයි. අපරාදේ කියන්න බෑ නියම යාලුවෝ ටික මටත් එක්ක කෑමත් අරගෙන වෙලාවට ඇවිල්ලා තිබුනා. ඒත් නන්පේරියල් මාර්ගයේ කැඩිච්ච පාලමක් තියෙන නිසා bus එක තිබුනේ නෑ. මොනවා කරන්නද අපි දෙපා වලට දිරි දීලා උදේ 6.10ට නන්පේරියල් හන්දියෙන් පිටත් වුනා.
19දෙනෙක් ගමනට සහභාගී වුන නිසා අපට ලොකු වෙහෙසක් දැනුනේ නැති අතර, අතරමගදී පෙනෙන බෙලිහුල් ඔය නිම්නයේ සිට සමනල වැව හරහා සිතිජ ඉම අපගේ නෙත් සිත් පැහැර ගත්තේය.
උදේ 8.30ට පමන නන්පේරියල් තේ factory එකට ලගා වූ අප උදෑසන අහාරය ලබා ගත්තේය. අතරමග විශාල කාලයක් ගතකල අප Nagrak Division එකට යනවිට දහවල් 12 පමන විය. මෙතැන් සිට 3.2km දුරකින් ලෝකාන්තයද, 1km දුරකින් Holiday Bungalow එකද පිහිටා තිබේ. බෙලිහුල් ඔය නගරයේ සිට පයිනස් කැලයක් හරහා පැමිනීමෙන්ද මෙතනට ලගා විය හැක.
අප දහවල් 12.30 ට පමන bungalow එක අසලට පැමින දිවා ආහාරය ලබා ගත්තෙමු. මෙතැනින් ඉදිරියට ඇත්තේ හෝර්ටන් තැන්න ස්වාභාවික රක්ෂිතයයි.
අප මෙතෙක් පැමිනි ගමන 4WD වාහනයකින් නම් පහසුවෙන් ලගා විය. හැකිය. දවල් 1ට පමන ගමන් ඇරඹූ අප වනගත අඩි පාරක තැනිතලා බිමක් ඔස්සේ ඉදිරියට ඇදුනෙමු. පැයකින් පමන අප එක් කන්දකින් තවත් කන්දකට මාරු වෙන ආකාරය කුඩා නිම්නයෙන් තහවුරු විය. සවස 2.30 පමන අප ලෝකාන්තයට පැමිනියෙමු. ආසන්න ස්ථානයක අපගේ ගමන් මලු සගවා තැබුවේ Guideලාගේ ඇස නොගැටෙන පරිදිය. ඒ අප නීත්යානනුකූල නොවන මාර්ගයකින් පැමිනීම නිසාවෙනි. ලෝකාන්තය මුදුනට අප ආ මාර්ගය ගැන මනා වැටහීමක් ලබා ගත හැකි විය.
සවස 3ට පමන ආපසු බලා ගමත් ගත් අපට ගමන් මග වැරදිනි. විනාඩි 30ක් පමන කාලයක් වැය කර නිවැරදි මග සොයා ගැනීමට 19 දෙනෙක් සිටීම මනා පිටුවහලක් විය. වනයෙන් එලියට පැමිනෙන විට පස්වරු 5 පමන විය. 2-3න් දෙනෙකුගේ පාද වල ඇතිවූ ආබාධ නිසා නන්පේරියල් තේ factory එකට ලගා වන විට රෑ 8ට පමන විය. ඉන් පසු විශාල කාලයක් truck රථයක් පැමිනෙන තුරු සිටි අප හල්දුම්මුල්ලේ නවාතැනට යනවිට රෑ 12 විය. ඉන් පසු රෑ ආහාරය ලබාගත් මම උදෑසන 2ට පමන බදුලු-කොළඹ බස් රථයකට ගොඩ වූ අතර උදේ 6.30 පමන campus එකට සේන්දු විය.
විශේෂ ස්තුතිය : අවුරුදු 9ක බලාපොරොත්තුව ඉටුකර ගැනීමට, ගමනට ආරාධනා කල ලිලන්ත රංගන සොයුරා ඇතුඵ පිරිසට

Tuesday, June 7, 2011
උඩගලදෙබොක්කෙන් ගලමුදුනට ගිය ගමනක් (නකල්ස් චාරිකා)
අපේ රටේ කවුරුත් පාහේ වනයක අසිරිය බලන්න යන හොදම තැන කියලා හිතන් ඉන්නේ සිංහරාජය. එයිනුත් 90% දෙනා යන්නේ රත්නපුර -> කලවාන->වැද්දාගල->කුඩව පැත්තෙන් තමයි. මම දැකපු විදියට කුඩවට යන්න විශාල කාලයක් ගතවෙන නිසා බොහෝ දෙනක් ඉක්මනින් Research center එකට යනකම් පයින් ගිහින් එනවා. ඒ යන්නෙත් අඩි 5-6ක පාරක, හදිසියෙන් හරි නියම සුන්දරත්වය විදින අයත් නැතුව නෙවෙයි. විදේශිකයන් නම් සැබෑ සුන්දරත්වය විදිනවා. සිංහරාජයේ පිටදෙනිය Enterance එක නම් සුන්දරත්වය විදින්න හොදම තැනක් තමයි. සිංහරාජය, යාල, විල්පත්තු කොහේ ගියත් Forest Department/Wild Life Department එකේ Permission අරන් තමයි ඇතුල් වෙන්න වෙන්නේ.
ඉතින් වැට කොටු බැදි නැති අපේම ලොවකට යන්න තියෙන්නේ නකල්ස් තමයි.
" කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ තැනක්
මුරකාවල් නැති වැට කොටු බැදි නැති
අපේම අපේම නවාතැනක් "
ඒත් බොහෝ දෙනා කියන විදියට පරිසරයට උචිත නොවන දේවල් කරන අයට ගමන අතරතුරදී නොයක් කරදර වලට මුහුනපාන්නට වෙනවා. වෙනස් පරිසර පද්ධති කිහිපයක සුන්දරත්වය විදින්න නම් නකල්ස් රක්ෂිතය cross කරන්න ඕන. ඒත් අලි,කොටි සිටින කැළයක මග පෙන්වන්නෙකුගේ සහය නොමැතිව ගමන් කිරීම තරමක අභියෝගයක්, ඒත් අපේ තරුණ සිත් ඒ පිටුපස්සේ දිවයනවා. මගේ මතකේ හැටියට මම 7 වතාවක් ඔය පැත්තේ ගිහින් තියෙනවා. මතකය ගිලිහෙන්න කලින් ගිහිපු ගමන් ටිකත් ලිව්වොත් හොදයි වගේ කියල හිතුනා.
1-නුවර->හුන්නස්ගිරිය->corbat's gap->මීමුරේ->නාරන්ගමුව->පල්ලේගම->මාතලේ(2008-08-01/02/03)
2-මාතලේ->Reverston->පිටවල පතන->ඉලුක්කුඹුර->පල්ලේගම->දඹුල්ල(2008-09-19)
3-දඹුල්ල->පල්ලේගම->රඹුක් ඔලුව->පල්ලේගම->දඹුල්ල(2009-06-20/21)
4-නුවර->හුන්නස්ගිරිය->corbat's gap->මීමුරේ->නාරන්ගමුව->පල්ලේගම->මාතලේ(2009-08-15/16/17)
5-මාතලේ->ඇටන්වල->මානිගල->වල්පොලමුල්ල->දූවිලි ඇලි->රඹුක් ඔලුව->පල්ලේගම->දඹුල්ල(2010-05-26/27/28)
6-නුවර->වත්තේගම->බඹරැල්ල->කලුපහන->දූවිලි ඇල්ල->රණමුරේ->පල්ලේගම->මාතලේ(2010-10-08/09/10)
7-නුවර->හසලක->උඩගලදෙබොක්ක->ගලමුදුන->සුලුගුණේ->හසලක->මහියංගනය(2011-04-21/22/23)
නකල්ස් වල යන්න තවත් ඕන තරම් තැන් තියෙනවා. ඒත් කාලයත් එක්ක කොහොම ගැටෙන්නද?
මේ කියන්න යන්නේ මගේ 7වෙනි ගමන ගැනයි. අපි ගිහිපු 1වෙනි නකල්ස් ගමනෙදිම අපට අහන්නට ලැබුනා උඩගලදෙබොක්ක,ගලමුදුන ගම් ගැන, ජීවිතේ කවදහරි දවසක යන්න බලාපොරොත්තුවෙන් අපි හුග කලක් හිටියා. මුලින්ම අපේ ගමනේ plan එක වුනේ හසලක->උඩගලදෙබොක්ක->ගලමුදුන->මීමුරේ->හුන්නස්ගිරිය. මේ සැරේ අපේ ගමනට මාලක,සදුන්,චිත්රානල්,උදය,ජීවා එක්ක හය දෙනෙක් එකතු වුනා. රෑ 9ට කොටුවෙන් පිටත්වෙන බිබිල bus එකෙන් අපි අපේ ගමන ආරම්භ කලා. 18 වංගුව පාර හදන නිසා රජ මාවත දිගේ ඇදුනු bus රථය වේරගංතොටට යනකොට උදේ 4.30 විතර වුනා. හසලකට යන්න උදේ 6ට bus රථය එනතුරු මහවැලි ගගේ අසිරිය බලන්නත් අපි අමතක කලේ නෑ. යහලුවෙකුගේ නිවෙසකින් උදේ ආහාරය ගත් අප බස් රථයකින් පමුණුපුරට ගියා. ඒ සදහා අපට පැයක පමණ කාලයක් ගත වුනා. පමුණුපුරට යහන්ගල මනාවට දිස් වෙනවා අපේ සිත් ඒ වෙත නෙත් නොපියා යොමුවුනා.
විනාඩි 40ක පමණ පා ගමනකින් පසුව පහලගලදෙබොක්කට පැමිණීමට අපට හැකි වුනා. ඉන් පසු සීඝ්රූ නැග්මක් අපි පසු කලා. පැයක පමන ගමනකින් පසුව අම්බලමක් හමුවන අතර මදක් එහි නැවතී විවේක ගත් අප දොළ පහරක් වෙතට ලං වුනා. එතනින් දකුණට ඇති පාරෙන් ගලමුදුන වෙත යාමට හැකි වුනද අප උඩගලදෙබොක්ක වෙත පියවර මැන්නා. දහවල් 12.30ට පමණ එහි ලගා වූ අප පලමු දින නවාතැන වූ ගමුදුනට යාමට පටන් ගත්තා. විශාල ගහක් මතින් දොලක් තරණය කල අප හේන් යායකට පිවිසුනා. බැලූ බැලූ අත ගස් මත ඇති පැලුත්, දකුණු පස නිම්නයෙන් දිස්වන සොරබොර ජලාශයෙන් එපිටට වූ භූමියත් අපගේ නෙත් සිත් පැහැර ගත්තා.
ගමනාන්තයට පවතින දුරත්, වැසිබර කාළගුණයත් නිසා අප ගහක් මත පැලක එදින රාත්රිලය ගත කිරීමට තීරණය කලා. ඉක්මනට ආහාරපාන වලින් සප්පායම් වූ අප පැලට ගොඩ වුනා. පැලේ පිහිටි ලිපද අපගේ උණුසුමට බොහෝ උපකාර වුනා.
ඊළග දිනයේ උදෑසනින් අවදි වූ අප උදේ ආහාරය ලබා ගෙන අපගේ ගමන උදෑසන 9ට ආරම්භ කලා. ඊලගට අපට පසු කිරීමට සිදු වුනේ වල් අලි ගැවසෙන ප්රුදේශයක් බැවින් වඩා වැඩි සුපරීක්ෂාකාරී බවකින් යුතුව ඉදිරියට ඇදෙන්නට සිදු වුනා. පෙරවරු 11ට පමණ අප ගලමුදුන ගමට සේන්දු වුන අතර අතරමගදී දිය දහරක පහසද ලබා ගත්තෙමු. ගමේ යටගියාව පේහාමි ආතාගෙන් දැනගත් පරිදි කුවේණිගෙන් පැවත එන යක්ෂ පරම්පරාවට නෑකම් කියන බව දැනගන්නට ලැබුණි.
එක පසකින් දකින්නට ලැබුනු ලකේගල සුන්දර දසුනක් අප හට මවා පෑවේය. මහ කන්නය සදහා මී හරකුන් මගින් කුඹුරු හාන ආකරයද දක්නට ලැබුනි.
බොහෝ නිවෙස් මැටියෙන් තනා තිබූ අතර ඔවුන් වී සහල් බවට පත්කරගනුයේ නිවසේ කුස්සියේ පොලොවට අල්ලා ඇති ගලක් මත වී ඇඹරීමෙනි. පාසලට පමනක් නල ජලය තිබූ අතර ගමේ සැවොම දෙනා ජල අවශ්යතතාවය සපුරාගත්තේ වතුර පීල්ල මගිනි. ළමයි 37 පමණ සිටින පාසල අපගේ නවාතැන කරගැනීමට ගමේ අය අවසර ලබා දුන්නේය. ගමේ ඇවිද සුන්දරත්වය විදි අප බොහෝ වෙහෙස වී කරමත ඔසවාගෙන ආ මොරටුව විශ්ව විද්යානලයේ බෞද්ධ සංගමය මගින් පරිත්යාුග කරන ලද අභ්යාැස පොත් පාසල වෙත ලබා දුන්නේය. සතුටු සිතින් අපි රාත්රිණය ගෙවා දැම්මෙමු. මීමුරේට යන මාර්ගය අවහිර වී ඇති බැවින් අපගේ පෙර සැලසුම් වෙනස් කිරීමට සිදු විය. උදෑසන 9.30ට පමණ අප ගලමුදුනට යන ප්ර්ධාන මාර්ගයෙන් පල්ලම් බැස්සෙමු. ඉතා සීඝ්රි බැස්මක් සහිත මෙම මාර්ගයේ කුඩා දිය ඇල්ලක පහස විදීමටද හැකි විය.
බොහෝ පළලක් ඇති හීන් ගග හරහා එතෙර වීම අපට නව අත්දැකීමක් විය. ඉන් පසු සුලුගුණේ ගමට සේන්දු වූ අප දහවල් 12.30ට පමන ගිනිපෙට්ටි පාලම අසලට ලගා වුනෙමු. ගිනිපෙට්ටි පාලම යනු aqueduct හෙවත් මහවැලි ගගේ අතු ගංගාවකට ඉහලින් පිහිටි පාලමක් හරහා වාරිමාර්ග ඇලක්, concrete ඇලක් ලෙස ගමන් කිරීමයි. ඉන්පසු මිණිපේ ඇල අසලින් දිවෙන මාර්ගය ඔස්සේ හසලක හරහා මහියංගනයට පැමිනි අප 18 වංගුව හරහා කොළඹ පැමිණියේ සදා නොමැකෙන මතකයක් සිත් තුල එකතු කරගෙනය.

Friday, January 28, 2011
සිරිපා මලුව සිඹින සීතල සුළග සමග...........
වෙනදා මාතරින් ඇරඹෙන රුහුණු කුමාරියට අපට ගාල්ලෙන් ගොඩවීමට සිදුවූයේ ගාලු මාතර දුම්රිය මඟ කඩිනම් කිරීම හේතුවෙනි. උදෑසන 6.30ට ගමන් ඇරඹි අප කොටුව දුම්රිය ස්ථානයට ලගාවනවිට උදෑසන 9 පමණ විය. පෙරවරු 9.45ට කඳුකරය බලා ඇදෙන උඩරට මැණිකේ දුම්රිය සතියේ දිනක වුවද මගීන්ගෙන් පිරී පැවතුණි. අපත් අපහසුවෙන් හෝ දකුණු පස අසුන් ගත්තේ උඩරට දුම්රිය මඟ දකුණු පස වඩාත් මනරම් බැවිනි.
බතලේගල, උතුවන්කන්ද බොහෝදුරක් අපගේ නෙත ගැටෙන්නට විය.පස්වරු 3ට පමණ Hatton වලට පැමිණි අපි castlereigh අසල වූ අපගේ නවාතැනට ඇදෙන්නට විය.
සවස් කාලය ජලාශයේ ජලතලය අපගේ නෙත් සිත් පැහැර ගනිද්දී සීතල සුළං රැළි අපට බාධාවක් විය.
මේ සිරිපා වාරයේ වන්දනා නඩ රැගත් වාහන castlereigh ජලාශය වටා ගමන් කරන ආකාරය අපට දිස් විය. අඳුර සමග අපි අපගේ නවාතැනට සේන්දු විය.
ඊළග දිනයේ අපගේ අරමුණ වූයේ මාවුස්සාකැලේ ජලාශයට දියවර සපයන දිය ඇලි ගවේෂණයයි. ඒ සඳහා අප මස්කෙළියට පැමිණ එතැනින් Gatmore වලට පැමිණියෙමු.
1:50000 සිතියමේ පෙන්නුම් කරන Gatmore ඇල්ලට ඉහළින් පිහිටි දිය ඇලි නැරඹීම සඳහා අප පළමුව ගියෙමු. මේ සඳහා අප තෝරාගත්තේ දියපහර දිගේ උඩට නැගීමයි.
කඳු මුදුනකින් ආරම්භ වන මෙහි වම්පස ඇති දිය ඇල්ල වඩා චමත්කාර විය. වැඩි වේලාවක් ඒ අසල ගතකල අපි Gatmore ඇල්ල නැරඹීමට පල්ලම් බැස්සෙමු. ඒ සඳහා විශාල උසක් පහළ බැසීමට අපට සිදුවිය.
කෙසේ හෝ Gatmore ඇල්ලට ළගා වූ අප එහි සුන්දරත්වය වින්දෙමු. කාල වේලාව ඉක්මනින් ගෙවී යන්නට විය. නොදියුනු ප්‍රවාහන සේවයක් ඇති මෙම ප්‍රදේශයේ අවසාන බස් රථයත් අපට දුරස් වන ලකුණු පෙනෙන්නට විය. මාවුස්සාකැලේ ජලාශය අසල රැදී සිටි අපට Moray වතුයාය ප්‍රතිවිරුද්ද පැත්තේ දර්ශනය විය.ඉන් පසු අපට ජීවිතයේ වඩා අවධානම් ගමනක නිරත වන්නට සිදු විය.
ජලාශය සම්පූර්ණයෙන්ම වාගේ පිරී පැවතුණි. අඩි 350ක් පමණ ගැඹුරු තැන් ඇති මෙම ජලාශය ඔරුවකින් තරණය කිරීමට අප තීරණය කළෙමු. අප සිවුදෙනාම ඔරුවට ගොඩවුනෙමු. ජලය ඉතා වැඩි බැවින් හා සුළග පැවති බැවින් අපහසුවෙන් අප ජලාශය මැද පිහිටි දූපතකට සේන්දු වුනෙමු. ඉන් පසු ආරක්ෂාව පතා වරකට දෙදෙනා බැගින් ඒ බිහිසුනු ගමන නිමාකරන්නට අපට සිදු විය.
එහෙත් ජලාශය මැද දූපතේ සිටි අපට Moray ඇල්ල සහ Gatmore ඇල්ල යන දෙකම එක විට මනාව දිස් විය. අවසානයේ Moray වත්තට ළගා වූ අපට අසන්නට ලැබුනේ අවසාන බස් රථය අද දින නොමැති බවයි. ඉන් පසු අපි දෙපා වලට දිරි දී නල්ලතන්නිය සිරිපා මාර්ගයට පැමිණියෙමු.
අපගේ වෙහෙස මදක් තුරන් වූයේ මෝහිනී ඇල්ල ගමනාන්තයේදී දර්ශනය වීම නිසාවෙනි. අපගේ නවාතැන වෙත ගමන් කරන විට ඉර සැගවී හෝරා දෙක තුනක් ගතවී තිබුණි.
ඊළග දිනයේ අප ලංකාවේ දිගම දුම්රිය උමග වන සිංගිමලේ උමග (559.75m) නැරඹීමට ගියෙමු. මේ සඳහ අප Hatton දුම්රියපළේ සිට සැතපුමක් පමණ දුම්රිය මග දිගේ Kotagala දෙසට ගියෙමු.
අපට අරුමයක් වුවද බොහෝ දෙනා හුළු අත්තක පිහිටෙන් මෙම කෙටි මාර්ගයේ එහා මෙහා යන ආකාරය අපට දක්නට ලැබුනි. අපගේ වාසනාවට උමග ඇතුලේ සිටිනා විට පොඩි මැණිකේ දුම්රිය දැක ගන්නට හැකි විය. දහවල් 1.55 දුම්රියෙන් Hatton සිට ගමරට බලා පැමිණ අපගේ ගමන නිමාකලෙමු.

Subscribe to:
Posts (Atom)